ගාල්ල ප්‍රදේශයේ දේවස්ථානයක බිළිදෙකු අතහැර දමා යාම සම්බන්ධයෙන් එම බිලිඳාගේ මව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ගාල්ල මහේස්ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
දින 03 ක් වයසැති බිළිඳෙකු දේවස්ථාන භූමියේ අතහැර ගිය එම බිලිඳාගේ මව ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීය.
ඇය කළුවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර බිලිඳා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ....
0 comments:
Post a Comment