ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාට සතියක හෝ දෙකක විවේකයක් අත්‍යවශ්‍ය බවට විශේෂඥ වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පවසයි.
එසේම බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පෙණහළුවලට බලවත් සේ හානි සිදුව ඇති බැවින් දූවිලි ඉතා අහිතකර බවත්,එබැවින් බන්ධනාගාරය තුළ දූවිලි නොමැති කුටියක ඔහුව රැඳවිය යුතු බවත් විඥේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර ඇතැයි හෙතෙම සඳහන් කරයි.
පසුගිය දින කිහිපයක සිට සරත් ෆොන්සේකා මහතා අසනීප තත්ත්වයේ පසුවන බැවින් අද(16)දිනයේද විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා හමුවට යොමු කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
සරත් ෆොන්සේකා මහතා පසුගිය බ්‍රහස්ප්‍රතින්දා කොළඹ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ බවත්,එකී විශේෂඥ වෛද්‍ය වාර්තාව අද දිනයේ ලැබුණු බවත් ටිරාන් අලස් මහතා සඳහන් කළේය.
එම වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ෆොන්සේකා මහතාට සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
0 comments:
Post a Comment