දුම්රිය රියදුරු සහායකවරුන් ආරම්භ කර ඇති සේවයෙන් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජී.ඒ. මහානාම මහතා පවසයි.
වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී තිබෙන සිද්ධියට අදාළ පාර්ශව සමග අද(20) දිනයේ ද සාකච්ඡා පවත්වන බව ඔහු සඳහන් කරයි.
දුම්රිය රියදුරු සහායකවරයෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කිරීමේ අරමුණින් දුම්රිය සහායකවරුන් පසුගිය 18 වැනි දින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසුණි.
කෙසේවෙතත් දුම්රිය ගමනා ගමන කටයුතු නිසි පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මහානාම මහතා ප්‍රකාශ කළේය.
0 comments:
Post a Comment