Time & Date in Sri Lanka

Wednesday, May 4, 2011

ශ්‍රී ලංකා රජය පෙරළන්න අපට ඕන වුණේ නෑ


ශ්‍රී ලංකා රජය පෙරළීමට ඇමරිකාවට අවශ්‍යතාවයක් නොවූ බවත් අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සමග දීර්ඝ කාලීනව පැවති සබඳතාවය තවදුරටත් ආරක්ෂා කරගැනීම පමණක් බවත් දකුණු හා මධ්‍යම ආසියාතික කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබ්ට් ඕ බ්ලෙක් මහතා පවසයි.

අද විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරීස් මහතා හමු වීමෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.

ලොව සිටි දරුණුතම ත්‍රස්තවාදීන් දෙපළ ලෙස වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ ඔසාමා බින් ලාඩ්න් හැඳින්විය හැකි බවද හෙතෙම මෙහිදී පෙන්වා දී තිබේ.

එසේම 30 වසරක සිවිල් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව යළි නැඟී සිටින මේ මොහොතේ ඇමරිකාව ශ්‍රී ලංකාවට සුභ පතන බවත්,ශ්‍රී ලංකාවට නැඟී සිටීම සඳහා සහයදීමට ඇමරිකාව සූදානම් බවත් ඔහු කියා සිටියි.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබ්ට් ඕ බ්ලෙක් මහතා ඊයේ කිලිනොච්චියේ සංචාරයක නිරත වූ අතර අමෙරිකාවේ සහය ඇතිව සිදු කෙරෙන බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ඔහුගේ නීරීක්ෂණයට ලක් වූ බව සඳහන්වේ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More