Time & Date in Sri Lanka

Tuesday, May 31, 2011

කටුනායකට හෙටත් නිවාඩු..!

කටුනායක නිදහස් වෙළඳකලාපය හෙට දිනයේද වසා තැබීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නිදහස් වෙළඳකලාපයේ කටයුතු ජූනි මස 02 වන දින සිට යළි ආරම්භ කරන බව ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ සුනිල්ද සිල්වා මහතා අද දෙරණට කියා සිටියේය.

ඊයේ දවසේ යෝජිත විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවකාවන් හා පොලීසිය අතර ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පමණද,සේවක සේවිකාවන් ගණනාවක්ද තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

තත්ත්වය සමථයකට පත් කොට ප්‍රදේශයේ නීතිය හා සාමය තහවුරු කරනු පිණිස අද දිනයේ නිදහස් වෙළඳකලාපය වසා තබන බව රජය නිල වශයෙන් ඊයේ නිවේදනය කරන ලදී.

එසේ වුවද කටුනයාක පැවති වෘත්තිය සමිති අරගලයට සහයෝගය පළ කරනු පිණිස අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද දවසේ බියගම නිදහස් වෙළඳකලාපයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More