Time & Date in Sri Lanka

Tuesday, May 10, 2011

සෞන්දර්යය සරසවි සංගීත පීඨයත් ස්වේච්ඡා තනතුරු අතහරියි


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත පීඨ ආචාර්ය මණ්ඩලය තීරණය කර තිබේ.

අද(10) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව සංගීත පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති කථිකාචාර්ය ආරියරත්න ලංසකාර මහතා පැවසු‍වේය.

ඒ අනුව නේවාසිකාගාර පාලකවරු, ශිෂ්‍ය උපදේශකවරු, ස්වේච්ඡා තනතුරු දරණ අංශ ප්‍රධානීන් අදාළ තනතුරුවල ඉල්ලා අස්වීමේ ලිපි පීඨාධිපතිවරයා වෙත අද දිනයේ යොමු කළ බව ලංසකාර මහතා සඳහන් කළේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා මීට පෙර එක්වීමට සූදානමින් සිටිය ද තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එය ප්‍රමාද වූ බව ලංසකාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More