Time & Date in Sri Lanka

Tuesday, November 1, 2011

කොබෙයිගනේ අවට අලි යකා නටති

කොබෙයිගනේ ප්‍රදේශයේ නියාගම , තෙලහැර සහ අබලයාගම යන ගම්මානවලට ඇතෙකු සහ අලි තිදෙනකු කඩා වැදී වගා හා දේපල හානී සිදුකර තිබේ. අද අලුයම අදාළ ගම්මාන වලට කඩා වැදුණු එම වන අලීන් නිවාස දෙකකට හානි සිදු කර ඇති බව කොබෙයිගනේ පොලිසිය ප්‍රකාශ කරයි. ගම්මානයේ වගාබිම් කිහිපයක් ද අලි ඇතුන් විසින් විනාශ කර ඇති බව වාර්තා වේ. වන ජීවි නිලධාරීන්ගේ සහය ඇතිව එම අලි ඇතුන් වනයට පන්නා දමා ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. ...

Saturday, October 22, 2011

මිනීමරුවන්ට මංකොල්ලකරුවන්ට මගේ ‍ගේට්ටුව වැහිලා

උණ්ඩය,බෝම්බය,කඩුව, කිණිස්ස රජ කරවන යුගයක් අද වන විට උදා වී ඇති බව එ.ජා.ප නියෝජ්‍ය නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ තත්ත්වයට වගකිව යුත්තේ දේශපාලනඥයින් බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද පංචිකාවත්ත ශ්‍රී දේවි කරුමාරියම්මන් කෝවිලට ධන පරිත්‍යාගයක් කිරීමේන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමිනි. ටී.පනස් හයක්,ග්‍රේනේඩ් එකක් අරන් ජනතාව බිය ගන්වන අය තමන් මහා බලගතු දේශපාලනයක් කරන බව සිතා සිටින බව ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. දේශපාලනය කිරීම යනු දේශය පාලනය කිරීම පමණක් නොවන බවත්,දේශයට සේවය කිරීමත් එයින් අදහස් කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය. ඡන්දය ලබාගැනීම සඳහා සුජාත පුත්‍රයින් හා දියණියන් සේ ජනතාව අතරට යන අය රාජ්‍ය බලය නමැති හැන්ද...

Saturday, October 8, 2011

මුල්ලේරියාවට පොලිස් ඇඳිරි නීතිය පනවයි

අද(08) පස්වරු 3 .30 ට පමණ මුල්ලේරියාව පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමක් හේතුකොට ගෙන මුල්ලේරියාව පොලිස් බල ප‍්‍රදේශය තුළ පමණක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මැක්සි ප්‍රොක්ටර් මහතා පවසයි. මෙම ඇඳිරි නීතිය 2011.10.09 දින පෙරවරු 6 .00 ට අවසන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සාමකාමීව හැසිරීමෙන් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පොලීසියට සහාය වන ලෙස ද මැක්සි ප්‍රොක්ටර් මහතා ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. ...

Thursday, October 6, 2011

ස්ටීව් ජොබ්ස්ගේ දායකත්වය අගය කළ යුතුයි -ජනපති [1955-2011]

සියලුදෙනා විසින්ම ස්ටීව් ජොබ්ස්ගේ දායකත්වය මහත් සේ අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ‍ ඇපල් සන්නාමය ලොවට හඳුන්වා දුන් ස්ටීව් ජොබ්ස්ගේ මරණය පිළිබඳව ශෝකය පළකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය. ‍ 56 වන වියෙහි පසු වූ ස්ටීවී ජොබ්ස් ඊයේ(05) දිනයේ දී ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය. ඇපල් සන්නාමය ලොවට හඳුන්වාදෙමින් දුරකථන ලෝකයට නව තාක්ෂණයක් හඳුන්වා දීමට මොහුට හැකිවිය. 2004 වසරේ සිට ස්ටීව් ජොබ්ස් පිළිකා රෝගයකින් පෙළුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇපල් දුරකථන ජාලයට නව දුරකථන මාදිලියක් හඳුන්වා දී දිනයක් ඇතුළත මොහු මියයාම ද විශේෂත්වයක් වේ. ...

Sunday, October 2, 2011

මෙරටින් ස්වභාවික ගෑස් නිධියක් හමුවූ බව ජනපති කියයි

ශ්‍රී ලංකාවෙන් ප්‍රථමවරට ස්වභාවික ගෑස් නිධියක් හමුවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(02) නිවේදනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි....

Friday, September 30, 2011

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් යළි සමාජයට

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ව සිටි පිරිසක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු යළි සමාජ ගත කිරීම අද(30) සිදුකෙරුණි. මෙලෙස සමාජ ගත කෙරුණු පිරිසට තරුණ තරුණියන් 1800 දෙනෙකු ඇතුළත්ය. එම පිරිස ඔවුන්ගේ මව්පියන් වෙත බාර කිරීම අරලියගහ මන්දිරයේදී අද සිදුකෙරුණි. නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අදාළ පිරිසට දැන් අවස්ථාව උදා වී ඇති බව ඒ වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ...

Thursday, September 22, 2011

බලය නොලැබුණොත් ජ.වි.පෙ කැරලිකාරීන්ගෙන් ස්වාධීන ගමනක්..?

ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමට පක්ෂයේ බලය නොලැබුණහොත් එම පිරිස ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ලෙස දේශපාලන කටයුතු අඛණ්ඩව කරගෙන යනු ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියි. එසේ වුවද පක්ෂය තුළ මෙන්ම පිටතද අවසන් මොහොත දක්වාම සිය බලය උරගා බලන්නට ඔවුන් තීරණය කර තිබේ. ජාතික ප්‍රශ්නය හා සන්ධාන දේශපාලනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩවීමත් සමග එක් කණ්ඩායමක් අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනීමට සූදානම් වන බව කියැවෙයි. සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධාන දේශපාලනය පිළිගන්නා කණ්ඩායමට අයත් වන්නේ ප්‍රසිද්ධියේ පෙනී සිටින ජ.වි.පෙ නායකයන්ය. සන්ධාන දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් විප්ලවවාදී දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බව පවසා සිටින්නේ ජ.වි.පෙ අභ්‍යන්තර නායකයකු ලෙස පෙනී සිටි කුමාර ඇතුළු පිරිසයි. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි නාම ලේඛනයට අනුව...

Saturday, September 17, 2011

Sri Lanka Telecom අන්තර්ජාල [Broadband] ගාස්තු අඩු කරයි...

ශ්‍රි ලංකාවෙ ප්‍රධානතම සන්නිවේදන සේවා සැපයුම් කරුවන Sri Lanka Telecom අන්තර්ජාල ගාස්තු පහල දමා ඇත [Broadband] .. ගාස්තු පහල දැමීම සමගම විශේශ සේවාවන් කිහිපයක්ද එක්කර ඇත... Broadband Packages Volume Based Packages With Entrée and new exciting PLUS packages, now you can surf the internet with super speed for a lesser price Package Name Speeds (Download/ Upload) Free Usage (GB per month) Startup Fee (Rs.) Usage Charge (Rs.) Charge for each additional 1MB (Rs.) Remarks Special Offer Entrée 1Mbps/ 128Kbps 1.5 500 500 00.35 Maximum limit is Rs.3,500 Speed will reduce to 64 Kbps after threshold limit...

Friday, September 16, 2011

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ දිනය ගැන තවම තීරණයක් නෑ

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වරාය මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.අදාළ මාර්ගය මෙම වසර ඇතුළත විවෘත කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරයි.එම මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර ඇති නමුත් ඊට අදාළ සහය සේවාවන්ට අදාළ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සකස් කිරීම සිදුකරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.අදාළ සියලු ඉදිකිරීම් අවසන් වීමෙන් අනතුරව දක්ෂිණ අධිවේගී මාර්ග‍ය විවෘත කෙරෙන බව ඔහු පවසයි.සැප්තැම්බර් මාස‍ය වන විට එම මාර්ගය විවෘත කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ...

Saturday, September 10, 2011

ගංජා තොගයක් ගෙන ගිය සුරාබදු ස්ථානාධිපති අත්අඩංගුවට

ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි හම්බන්තොට සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.තණමල්විල, උඩවලව ප්‍රදේශයේ මාර්ග බාධකයක දී කැබ් රථයක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් විසින් මෙම ගංජා ‍තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.කැබ් රථයේ තිබී ගංජා කුඩු කිලෝග්‍රෑම් 111 ක් සහ වියළි ගංජා කිලෝග්‍රෑම් 131ක් ද ‍සොයාගත් බව පොලිසිය පවසයි.මොණරාගල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.ගංජා තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන හම්බන්තොට සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.&nbs...

Tuesday, September 6, 2011

දැයට කිරුළට ජලය දෙන්න විශේෂ වැඩසටහනක්

ලබන වසරේ අනුරාධපුරයේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.මේ යටතේ කලා‍වැවේ සිට කිලෝමීටර 4ක දිගින් යුත් ඇළ මාර්ගයක් සකස් කර ජල සම්පාදන මණ්ඩලයේ ආධාරයෙන් එම ජලය පිරිසිදු කර බෙදා හැරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය පවසයි.මෙම වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ තවත් වැව් 5ක් ප්‍රතිසංස්කරණය කිරීමට ද පියවර ගෙන ඇත.ඒ සදහා රුපියල් මිලියන 50ක මුදලක් වැය කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.&nbs...

Friday, September 2, 2011

අල්ලස් ගත් දිස්ත්‍රික් කළමනාකරු රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාරවරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.බස් රථයක මාර්ග බලපත්‍රයක හිමිකාරීත්වය ලබාදීම සඳහා රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ දී අත්අඩංගුවට ගත් බව සැකකරු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.අදාළ මුදල මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට දිය යුතු බව පවසමින් ලබාගෙන ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට සහ එදිනට පරීක්ෂණවල...

Thursday, September 1, 2011

ටෙලිකොම් දත්ත ගබඩාවට ඇතුළු වී දත්ත වෙනස් කිරීම -පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පරිගණක දත්ත ගබඩාවට අයුතු ලෙස ඇතුළු වී දත්ත වෙනස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.ටෙලිකොම් සමාගම විසින් කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්ය.මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ‍ගෙන ඇති අතර ඔහු රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.සැකකරු ටෙලිකොම් පරිගණක දත්ත ගබඩාවට අයුතු ලෙස ඇතුළු වී එම දත්ත වෙනස් කර එම ආයතනයේ සේවා බලාපොරොත්තු නොවන ආයතනවලට ද එහි සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව පොලිසිය ලබාදුන් වාර්තාවේ සඳහන්ය.අදාළ සැකකරුට ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් වන‍ ලෙස නියෝග...

Sunday, August 28, 2011

නිව්යෝර්ක්හි ලාංකිකයන් ගැන නිත්‍ය ‍නියෝජිත කාර්යාලය හරහා උපදෙස්

හරිකේන් කුණාටුවේ බලපෑමට ලක්ව තිබෙන නිව්යෝර්ක් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ශ්‍රී ලංකා නිත්‍ය ‍නියෝජිත කාර්යාලය හරහා අවශ්‍ය උපදෙස් ලබා දීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.වොෂින්ටන් බලධාරීන් ලබා දෙන නියෝග වලට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට ද උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.හරිකේන් අයරින් කුණාටුව හේතුවෙන් නිව්යෝර් නගරයේ දෛනික කටයුතු අඩාල වී ඇති අතර දැඩි වර්ෂාව සමඟ ගංවතුර තර්ජනයක් ද මතුව තිබේ.උතුරු කැරොලිනා , වර්ජිනියා සහ වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත කිහිපයකට පසුගිය සෙනසුරාදා සිට හරිකේන් කුණාටුවේ බලපෑම් එල්ල විය.&nbs...

Friday, August 26, 2011

ග්‍රීස් යකුන් යැයි පහරදී දෙදෙනෙකු මියයාම -පස්දෙනෙකු අත්අඩංගුවට

හපුතලේ, තොටලාගල ප්‍රදේශයේදී කළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.‍ හපුතලේ පොලිසිය විසින් අද(26) පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.‍ ග්‍රීස් යකුන් යැයි සැකකරමින් තොටලාගල වතු කම්කරුවන් විසින් පහරදීම නිසා මෙම පුද්ගලයින් දෙදෙනා මරණයට පත්විය.‍ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ ඝාතනයට ලක්ව තිබිණි.‍ සැකකරුවන් පස්දෙනා හෙට(27) බණ්ඩාරවෙල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ...

Tuesday, August 16, 2011

ආනන්දසංගරී ජනපතිගේ මැදිහත්වීම පතයි

අවශ්‍ය ආරක්ෂාව මත ජනතාවට සාමකාමීව ජීවත්වීම සඳහා ඉඩකඩ සලසා දෙන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.යාපනය, පුනරීන් ප්‍රදේශයේ සිවිල් පරිපාලන කටයුතුවලට ආරක්ෂක අංශවල මැදිහත්වීම් සිදුවීම සම්බන්ධව අප්‍රසාදය පළකරමින් ජනාධිපතිවරයා වෙත එවන ලද ලිපියකින් ඒ මහතා මේ බව දැනුම් දී ඇත.මෑතකදී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරකම් පිළිබඳව බලවත් විරෝධය මෙන්ම අප්‍රසාදය පළකරන බව සංගරී මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.මැතිවරණයේදී වෙනත් පක්ෂ සඳහා බාධා එල්ල කළ ආරක්ෂක අංශ සාමාජිකයින් එම පරාජිත පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සඳහා සහයෝගය ලබාදුන් බවට ද ඔහු චෝදනා එල්ල...

Wednesday, August 10, 2011

අමෙරිකානු ගුවන්යානා අනවසරෙන් ඇවිත් නෑ

අමෙරිකානු ගුවන්යානා කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් සීමාව උල්ලංඝණය කළ බවට පළ වූ වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියි.අමෙරිකානු නාවික හමුදාවට අයත් මෙම ගුවන්යානා ජාත්‍යන්තර ගුවන්සීමාවට පැමිණ ඇති බව තහවුරුවී ඇති බවත්,ජාත්‍යන්තර ගුවන් සීමාවට පැමිණීමට ඕනෑම රටක ගුවන් යානාවලට බාධාවක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.එසේ වුවද මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අනුව මෙම ගුවන්යානා ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ බවට පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නැතැයි සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.&nbs...

ශිෂ්‍යාධාර ඉල්ලා ජ,පුර සිසුන් උපකුලපතිගේ කාර්යාලය වටලයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් උපකුලපතිවරයාගේ නිල කාර්යාලය ඇතුළු පරිපාලන ගොනැගිල්ල වටකර ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.අද පස්වරු 1.00ට මහපොල ශිෂ්‍යාධාර ලබාදීමේ නිල උත්සවය පවත්වන්නට කටයුතු යොදා තිබුණු අතර එම අවස්ථාවට සහභාගී වූ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ කරුණාරත්න මහතා සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර නොදෙන බව පවසා යන්නට ගිය බව එහි ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.  STUDENTS SURROUND ADMINISTRATIVE BUILDING AT J’PUR...

Friday, August 5, 2011

ගන්නෝරුව සූර්යබල ව්‍යාපෘතිය 8 වැනිදා ජනතා අයිතියට

මෙරට ක්‍රියාත්මක ප්‍රථම ජාල සම්බන්ධිත සූර්යබල ව්‍යාපෘතිය වන හම්බන්තොට ගන්නෝරුව සූර්යබල ව්‍යාපෘතිය ලබන 8 වැනිදා ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.මෙම ව්‍යාපෘතිය මගින් කිලෝවොට් 500ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.මෙම ව්‍යාපෘතිය සඳහා කොරියානු රජය රුපියල් මිලියන 412ක ආධාර ලබාදී තිබේ.ජල විදුලියට අමතරව මෙරට ප්‍රධාන විදුලි උත්පාදක මාධ්‍ය බවට පත්ව ඇත්තේ ඉන්ධන වන අතර ඒ සඳහා වැය වන පිරිවැය අධික බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.ඒ අනුව නව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මගින් ඉන්ධන යොදා විදුලිය උත්පාදනය කිරීම සීමා කිරීමට හැකි වන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.&nbs...

Tuesday, August 2, 2011

හිතු මනාපෙට තෙල් ගොඩබාන්නෙත් නෑ-බෙදාහරින්නෙත් නෑ

කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයෙන් බෙදාහරින පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් ගොඩබෑම හා බෙදාහැරීම සිදුකෙරෙන්නේ ස්වාධීන පරීක්‍ෂණ කණ්ඩායම් මගින් තහවුරු කිරීමෙන් පමණක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.ගොඩබෑමෙන් පසුද කොළොන්නාව හා සපුගස්කන්ද රසායනාගාර පරීක්‍ෂණ මගින්ද එහි ගුණාත්මක භාවය පිළිබඳ තහවුරු කර ගන්නා බවත්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉන්ධන දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ එයින් අනතුරුව බවත් ඛනිජ තෙල් සංස්ථාව සභාපති එම්.ආර්.ඩබ්ද සොයිසා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.එහෙයින් දැනට බෙදාහරින ඉන්ධන නියමිත පිරිවිතරයෙන් යුක්ත බවට සහතික කරන බවත්,ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ...

Sunday, July 31, 2011

සිමෙන්ති මිල වැඩිකරන්න හැදුවොත් පාලන මිලක් ගේනවා

මෙරට පවතින සිමෙන්ති හිඟය මඟහැරවීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.ලෝක වෙළඳපොලේ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් මේ වන විට මෙරට ද සුළු සිමෙන්ති ‍හිඟයක් හට ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.එහෙත් ඉදිරි සතිය ඇතුළත සිමෙන්ති තොගයක් මෙරටට ආනයනය කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.&nbs...

සිමෙන්ති මිල වැඩිකරන්න හැදුවොත් පාලන මිලක් ගේනවා

මෙරට පවතින සිමෙන්ති හිඟය මඟහැරවීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.ලෝක වෙළඳපොලේ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් මේ වන විට මෙරට ද සුළු සිමෙන්ති ‍හිඟයක් හට ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.එහෙත් ඉදිරි සතිය ඇතුළත සිමෙන්ති තොගයක් මෙරටට ආනයනය කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.කෙසේ වෙතත් සිමෙන්ති හිඟය මූලික කර ගනිමින් සිමෙන්ති මිලෙහි වැඩි කිරීමක් සිදු කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අවධාරණය කළේය.සිමෙන්ති මිල වැඩි කිරීමට වෙළඳුන් උත්සහ කළහොත් සිමෙන්ති සඳහා පාලන මිලක් ගෙන ඒමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ...

Saturday, July 30, 2011

අනවසරයෙන් වැලි ගෙනගිය දසදෙනෙක් අත්අඩංගුවට

අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දසදෙනෙකු පොතුවිල්, සියඹලාණ්ඩුව මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරුගම්බේ කඳවුරට අනුයුක්ත නිලධාරීන් පිරිසක් යතුරුපැදි සංචාරක රා‍ජකාරියේ යෙදී සිටියදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.වැලි ප්‍රවාහනය සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථ 3ක් ද විශේෂ කාර්යය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇත.සැකකරුවන් සහ ට්‍රැක්ටර් රථ වැඩිදුර පරීක්ෂණ සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත බාරකර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.&nbs...

Thursday, July 28, 2011

බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරී‍ම -පරීක්ෂණ ඇරඹෙයි

සරත් ෆොන්සේකා මහතා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගිය අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරී‍මේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.අදාළ බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය අධිකරණය හමුවේ ‍එම කරුණු වාර්තා කර ඇති බව සඳහන්ය.සරත් ෆොන්සේකා මහතා රෝහලට රැගෙන ගිය අවස්ථාවේ කිහිලිකරුවකින් පැමිණි පුද්ගලයෙකු සහ කැමරාවක් අතින් ගත් පුද්ගලයෙකු තම රාජකාරියට බාධා කළ බව බන්ධනාගාර නිලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.මේ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීම සඳහා ඊට අදාළ වීඩියෝ පට ලබාදෙන ලෙස නියෝගයක් පනවන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.ඒ අනුව එම වීඩියෝ පට ලබාදෙන ලෙස...

Tuesday, July 26, 2011

ටී.එන්.ඒ දේශපාලනඥයා ඊ.පී.ඩී.පී ආධාරකරුට පහරදීලා

යාපනය,වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සජීවන් නමැති අය‍ගේ කණ්ඩායමක් තම ආධාරකරුවෙකුට පහර දී ඇතැයි ඊ.පී.ඩී.පී සංවිධානය පවසයි.පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවට ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරගවැදුණු දයාපාලන් නමැති අපේක්ෂකයාගේ සොයුරෙකු වන චන්ද්‍රබාලන් නමැති අයට මෙම පහරදීම සිදුකර ඇති බව ඊ.පී.ඩී.පී විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.අද යාපනය පන්නාලෙයි හි පවත්නා චන්ද්‍රබාලන්ගේ වෙළඳසැලට කඩාවැදුණු සජීවන් ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔහුට පහරදී වෙළඳසැලට දැඩි අලාභ හානි කර ඇති බව සඳහන් වේ.එහිදී මෙසේ පහරදීමට පැමිණි ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය...

Saturday, July 23, 2011

මුලතිව් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවයි

අද(23) පස්වරු 2 පමණ වනවිට මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 58% ක් වූ බව එම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පත්තිනාදන් මහතා සඳහන් කළේය.  VOTER TURNOUT IN MULLAITHIVU 5...

යාපනයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 22.4% ක්

පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීමේ දී අද(23) දහවල් 12 .45 පමණ වන විට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ ප්‍රතිශතය 20% ඉක්මවා තිබුණි.එය 22 .4% ක් ලෙස සටහන් ව ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනී එමිල්ඩා සුකුමාර් මහත්මිය සඳහන් කළාය.කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු වලදී අද පෙරවරු කාල‍යේ ඉතා උද්‍යොගයෙන් යුතුව ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බව  වාර්තාකරුවන් පවසයි.දහවල් 12 වන විට එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම 52% ක මට්ටමක පැවති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනී රූපවතී කේදීෂ්වරන් මහත්මිය පැවසුවා.. VOTER TURNOUT IN JAFFNA 22.4%, KILINOCHCHI 52...

Wednesday, July 20, 2011

ඡන්ද ප්‍රකාශ කිරීම් රූගත කළ හැක්කේ තිදෙනෙකුගේ පමණයි

පළාත් පාලන ආයතන සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේ දී ඡන්ද ප්‍රකාශ කිරීම රූගත කළ හැක්කේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා යන පුද්ගලයින්ගේ පමණක් බව මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ ඊට පරිබාහිර පුද්ගලයින්ගේ ඡන්ද ප්‍රකාශ කිරීම් කිසියම් මාධ්‍ය ආයතනයක් විසින් ප්‍රචාරය කර තිබුණ හොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපතිවරයාගේ ගෙවීම් කප්පාදු කිරීමට පියවර ගන්නා බවයි. ඊට අමතරව එම ස්ථානාධිපතිවරයා ‍මින් ඉදිරියට මැතිවරණ කටයුතු සඳහා යොදා නොගැනීමට ද තීරණය කර ඇතැයි දේශප්‍රිය මහතා සඳහන් කළේය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා අද පැවති හමුවක දී කොමසාරිස්වරයා වැඩිදුරටත්...

Tuesday, July 19, 2011

මොණරාගල පෝස්ටර් ගැලවෙයි

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මොණරාගල දිස්ත්‍රික්යේ මැතිවරණය සඳහා යොදා ගත් දැන්වීම් පුවරු සහ පෝස්ටර් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.මොණරාගල මූලස්ථාන පොලිසිය සහ සියඹලාණ්ඩුව පොලිස් ස්ථාන ඒකාබද්ධව ඒ සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ බවට වාර්තා විය.මොණරාගල සහ සියඹලාණ්ඩුව යන බල ප්‍රදේශ වල මැතිවරණය පැවැත්වීමට නියමිත අතර අද දිනය අවසන් වීමට ප්‍රථම සියලු කටවුට් , බැනර් සහ පෝස්ටර් ඉවත් කරන බව මොණරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම් කළණසිරි මහතා සඳහන් කළේය.ඉදිරි පළාත් පලාන මැතිවරණයට අදාළව සියලු ආකාරයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.  ...

Monday, July 18, 2011

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා-ජනපති යාපනයේ ජනයාට කියයි

බොරු ප්‍රචාරවලට නොරැවටී රට ඉදිරියට ගෙනයාමේ වගකීම නිසි ලෙස ඉටුකළ යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඇතැමුන් බොරු ප්‍රචාර ගෙනයමින් ජනතාව නොමග යවමින් සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේ අද(18) පස්වරුවේ යාපනයේ කයිට්ස් හි වෙල්ලනෙයි ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක් ආමන්ත්‍රණය කරමිනි. යාපනය ප්‍රදේශයේ ජනතාව නොමග යවන ඇතැමුන් ගේ දරුවන් විදේශ රටවල සුවසේ ජීවත්වන බවත්,රට ගැන හැඟීමක් ඇත්තේ මෙරට සිටින සහෝදර ජනතාවට පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අදාළව යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි පැවැත්වෙන ජනහමු මාලාවක පළමු ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මෙම...

Saturday, July 16, 2011

ඉන්දු -ලංකා නෞකා සේවය සරණාගතයින්ගේ නැවත පැමිණීම කඩිනම් කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෑතකදී යළි ආරම්භ කෙරුණු නෞකා සේවය ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට පැමිණීම කඩිනම් කිරීමට හේතුවක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙකු පවසයි. ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ ක්‍රමික වර්ධනයක් දැකිය හැකි බව එම කොමසාරිස් කාර්යාලයේ මෙරට නියෝජිත මයිකල් ස්වැක් පෙන්වාදෙයි. ඉදිරි හය මස තුළ එය තවදුරටත් ඉහළ යනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි. වසර 20 ට පසුව තූත්තුකුඩි සහ කොළඹ වරාය අතර අදාළ නෞකා සේවය ඉකුත් ජූලි මස ආරම්භ කෙරුණි. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික සරණාගතයින් එක් ලක්ෂ 41,000 ක් පමණ විදේශ රටවල රැදී සිටින අතර ඉන් බහුතරය ඉන්දියාවේ රැදී සිටින බව සඳහන්ය.&nb...

Thursday, July 14, 2011

GOOGLE + වලින් ලංකාව 3 වෙනි තැන

findpeopleonplus වෙබ් අඩවියේ දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල් 3 ක්ම වැඩිම Google Plus සාමාජිකයින් සිටින රටවල් 5 අතරට එකතුව තිබෙනවා. සාමාජිකයින් 150 000 ක් පමණ සිටින ඇමරිකා එක්සත් ජනපදය වැඩිම Google Plus සාමාජිකයින් සිටින රට වන අතර සාමාජිකයින් 18 000 ක් පමණ සිටින ඉන්දියාව දෙවන ස්ථානය හිමිකරගෙන සිටිනවා. 15 000 කට ආසන්න සංඛ්‍යාවක් සාමාජිකත්වය හිමි ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ හිමිකරගෙන සිටී. Google Plus නවතම සමාජ වෙබ් අඩවිය ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව තුල ජනප්‍රියත්වයට පත්වුනා. තවමත්මෙ‍ම සේවාව නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් කර නැතත් අත්හදාබැලීමේ සංස්කරණයක් ලෙසින් භාවිත කල හැක. ඒ සඳහා දැනට Google Plus භාවිතකරන...

Tuesday, July 12, 2011

විදුලිය කප්පාදු නෑ..!හදිසි බිඳවැටීම් දහසකට අධිකයි..!පාඩුව බිලියන 16 ට වැඩියි..!

මේ වසර තුළ විදුලිබල මණ්ඩලයේ බිලියන 16 ක පමණ පාඩුවක් බලාපොරොත්තු විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය දිනවල සිදුවූ විදුලි විසන්ධි කිරීම් නිසා මෙම පාඩුව තවත් වැඩිවිය හැකි බවත්, විදුලි කප්පාදු කිරීමක් සිදු නොකළක් හදිසි විසන්ධි කිරිම් සිදුවූ බවත්,ඒ බව කලින් දැනුම් නොදුන්නේ එකී විසන්ධි කිරීම් දිගු කාලීන නොවන නිසා බැවින් යයි හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. මේවන විටත් එවැනි විදුලි කප්පාදු කිරීමක් සිදුනොවන බවත්,අවශ්‍ය වුවහොත් ඒ බව කලින් දැනුම්දීමක් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එසේ වුවද ගස් කඩාවැටීම්,සතුන් ගේ ක්‍රියාවන්,ට්‍රාන්ස් පෝමර් ගැටලු ආදිය නිසා දිනකට හදිසි විදුලි බිඳවැටීම්...

Monday, July 11, 2011

ගාල්ල බස් නැවතුම්පළ ජනපති අතින් අද විවෘතයි

අලුතින් ඉදිකළ ගාල්ල බස් නැවතුම්පළ අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.  මිලියන 405 ක වියදමකින් ඉදිකරන ලද මෙම බස් නැවතුම්පළ ශ්‍රී ලංකාවේ දිගම බස් නැවතුම්පළ ලෙස සැලකෙයි.  මීට අමතරව ගාල්ල බස් නැවතුම්පළ හා දුම්රිය නැවතුම්පළ යා කළ ගුවන්පාලමද අද ජනතා අයිතියට පැවරීමට නියමිත අතර ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම සංවර්ධන ව්‍යාපෘති දියත් කර තිබේ.  ගාල්ල බස් නැවතුම්පළ හා දුම්රිය නැවතුම්පළ යා කළ ගුවන්පාලම, මෙරට ප්‍රථම බස් නැවතුම්පළක්  හා දුම්රිය නැවතුම්පළක් යා කළ ගුවන්පාලම වේ... PRESIDENT OPENS NEW GALLE BUS STA...

Sunday, July 10, 2011

නොරොච්චෝලේ යළි පණගසයි

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පරීක්ෂණ ක්‍රියාකාරීත්වය අද අලුයම සිට නැවත වරක් ආරම්භ කර තිබේ.  විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ ඒ අනුව ජාතික විදුලි බල පද්ධතියට අද දිනයේ සිට මෙගා වොට් 150ක ධාරිතාවක් එක් වන බවයි.  බලාගාරයේ යන්ත්‍රයක සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පරීක්ෂණ ක්‍රියාකාරීත්ව තාවකාලිකව නතර කර තිබුණි.  ඒ අනුව සති 4ක කාලයක් මෙම පරීක්ෂණ ක්‍රියාකාරීත්වය සිදු කරන අතර හෙට දිනයේ සිට මෙ‍ගා වොට් 300ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට මෙම බලාගාරයෙන් එක් කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා වැඩිදුරටත් සඳහන් කළ...

Saturday, July 9, 2011

කොමිසමේ වාර්තාවෙන් නිවැරදි තොරතුරු ලැබෙතැයි විශ්වාස කරනවා

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා සෑම අවස්ථාවකදීම සියලුම ජාතීන්ට සාමයෙන් හා සමගියෙන් ජීවත්විය හැකි ඒකීය ශ්‍රී ලංකාවක් අපේක්ෂා කළ බව එංගලන්තයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා පවසයි.  ‍ අද(09) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ පැවති ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනයේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.  ‍ උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළින් ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන සිදුවීම් සම්බන්ධව නිවැරදි තොරතුරු ඉදිරිපත් වනු ඇති බව තමන් විශ්වාස කරන බව ඔහු කියා සිටියේය.  ‍ එමෙන්ම ඒ තුළින් ලක්ෂ්මන් කදිරගාමර් මහතා අපේක්ෂා කළ දෙය ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද වැඩිදුරටත්...

Friday, July 8, 2011

අවසර නැති කොළඹ දැන්වීම් පුවරු වහා ඉවතට

අනුමැතියකින් තොරව කොළඹ නගරය තුළ ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මීට අදාළ උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. කොළඹ මහ නගර සභා සීමාව තුළ විශාල ප්‍ර‍මාණයේ අනවසර දැන්වීම් පුවරු පන්සීයක් පමණ ඇති බවට ගණන් බලා ඇත. එම පුවරු පසුගිය 30 වැනි දිනට පෙර ගලවා ඉවත් කරන ලෙස මීට පෙර අදාළ සමාගම් වෙත දැනුම් දී තිබුණි.  UNPERMITTED BILLBOARDS IN COLOMBO TO COME D...

Wednesday, July 6, 2011

දැන්වීම්වල සිල්ලර මිල ලකුණු නොකළ ආයතන 40 ට නඩු

පුවත්පත්වල දැන්වීම් පළකිරීමේ දී භාණ්ඩවල සිල්ලර මිල සඳහන් කළ යුතු බවට වු නියෝගය උල්ලංඝණය කළ ආයතන 40 ට එරෙහිව නීති මගින් ක්‍රියා කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ශීතකරණ , යතුරු පැදි , ඖෂධ වර්ග , රථ වාහන ඇතුළු භාණ්ඩ අලෙවිය සම්බන්ධ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයේ දී මිල සඳහන් නොකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. මේ වසරේ ජනවාරි මාසයේ සිට අදාළ නීති ක්‍රියාත්මක කිරීමට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඉදිරියේදී ද එම නීති උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.&nb...

Monday, July 4, 2011

කරූ සාක්ෂි දීම අරඹද්දී විදුලිය විසන්ධි වෙයි

විදුලි බලය ඇන හිටීම නිසා සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩු විභාගය හෙට(05) දිනට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(04) තීන්දු කර තිබේ.  එම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා සාක්ෂී දීම ආරම්භ කළ අතර එම අවස්ථාවේ විදුලිය විසන්ධි වීම සිදුවිය.  රුපියල් ලක්ෂයක් වැය කොට වාහන නැවැත්වීමේ අංගනයක් සකස් කරද්දී මෙවැනි මූලික අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු නොකිරීම කණගාටුදායක බව මේ ආකාරයෙන් වරින් වර විදුලි බලය විසන්ධි වීම පිළිබඳ චෝදනා එල්ල කළ විනිසුරු ඩබ්ලිව්.එම්.ජී.බී වරාවැව මහතා කියා සි‍ටියේය. මේ හේතුවෙන් විනිසුරුවරු මෙන්ම ජනතාව ද අපහසුතාවට පත්වන බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම...

Sunday, July 3, 2011

යාපන අර්ධද්වීපයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයි

යාපනය අර්ධද්වීපය තුළ සිදුකළ යුතුව තිබූ නැවත පදිංචි කිරීමේ කටයුතු මේවන විට සම්පූර්ණ කර ඇති වග යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා පවසයි. අද(03)කෙවිල්,මුල්ලියාන්,වෙප්තිලකේණි යන ප්‍රදේශවල පවුල් 325 ක් නැවත පදිංචි කිරීම තුළින් යාපන අර්ධද්වීපයේ නැවත පදිංචි කිරීමේ කටයුතු නිමා වූ බව හෙතෙම කියා සිටියේය. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දවසේ මෙම නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.&nb...

මග හිට්ටොත් බලධාරීන්ට කියන්නැයි ඇමති සුසිල් ඉල්ලයි

පෙට්‍රල් භාවිතය නිසා යම් කිසි වාහනයකට ආපදාවක් සිදුවී ඇත්නම් හෝ පෙට්‍රල් යථා තත්ත්වයෙන් නොපවතීනම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශයට ඒ බව දැනුම්දෙන්නැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉල්ලා ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසයි. ඒ අනුව දුරකථන අංක 0115664941,5666328,5665082 යන යන අංක මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය ඇමතිය හැකි බව අමාත්‍යංශය කියා සිටියි. පෙට්‍රල් භාවිතය නිසා සිදුවන බව කියන ආපාදාවන් පිළිබඳ එකී පැමිණිලි අනුව වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවන ලෙස අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.  Petrol Problem in Sri La...

Saturday, July 2, 2011

අයඩින් ප්‍රමිතියට නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

වෙළ‍ඳපොළේ තිබෙන ලුණුවල අයඩින් නිසි ප්‍රමිතියට නොතිබුණහොත් ඒ සම්බන්ධයෙන් ලුණු නිෂ්පාදකයින්ට සහ අලෙවිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ලුණුවල අයඩින් ප්‍රමාණය 15% ත් 30% ත් අතර ප්‍රමාණයක් තිබිය යුතු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. ලුණු නිෂ්පාදන සමාගම් හිමියන් සමග පසුගියදා සිදුකළ සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ. දැනට ශ්‍රී ලංකාවේ අයඩින් ඌනතාවය බහුල වශයෙන් දක්නට‍ ලැබෙන අතර ඒ හේතුවෙන් සෑම පුද්ගලයෙකුටම අයඩින් ලබාගත හැකි වන පරිදි ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා එහිදී ලුණු නිෂ්පාදකයන්ට දැනුම් දී ඇත.&nb...

Tuesday, June 28, 2011

නව පොලිස්පති හෙට කැබිනට්ටුවට

නව පොලිස්පතිවරයා මේ වනවිට නම් කර ඇති බවත්, ඔහුගේ නම හෙට(29) දින කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම චැනල් 4 නාලිකාව මගින් ප්‍රචාරය කරන ලද වාර්තා චිත්‍රපටය පිළිබඳව ඉදිරියේදී අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. අද(28)අරලියගහ මන්දිරයේ මාධ්‍ය ප්‍රධානීන් හමුවී කරනු ලබන මාසික සාකච්ඡාවේදී ඔහු මේ බව කියා සිටිය...

Sunday, June 26, 2011

දුම්රිය මාර්ග ඉන්දියාවට කොන්ත්‍රාත් දීමෙන් පාඩුව කිලෝමීටරයකට ඩොලර් ලක්ෂ 15යි - ටිල්වින් සිල්වා

ලංකාවේ දුම්රිය මාර්ග ඉදි කිරීම ඉන්දියාවට කොන්ත්‍රාත් දීම නිසා අති විශාල පාඩුවක් සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා‍ පෙන්වා දුන්නේ කන්කසන්තුරේ සිට ඕමන්ත දක්වා කිලෝමීටර් 149ක දුම්රිය මාර්ගයත් ‍තලෛමන්නාරම සිට මැදවච්චිය දක්වා කිලෝමීටර් 106 දුම්රිය මාර්ගයත් ඉදිකිරීම එක් කිලෝමීටරයක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 20 බැගින් ඉන්දියාවට දීම නිසා එක් කිලෝමීටයකින් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 15ක පාඩුවක් සිදු වන බවයි. මෙම කොන්ත්‍රාත් ඉන්දියාවට දීමට සිදුව තිබෙන්නේ 2010 වසරේදී ඉන්දියාවෙන් ඩොලර් මිලියන 800ක ණයක් ගැනීම නිසා බවද ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේය.මැයි මස පළමුවැනිදා ආණ්ඩුවේ මැයි...

Pages 291234 »
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More